,
Daily

දරු දෙදෙනා ළිඳට විසිකර මරා දැමූ බවට සැක පිට මඩකලපුවේ පියෙක් අත්අඩංගුවට

තම දරුවන් දෙදෙනා ළිඳකට විසි කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

10 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 7 හැවිරිදි ගැහුණු ළමයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කියා සිටියා. අප්‍රේල් 14 අලුයම ළමුන් දෙදෙනෙකුගේ කෑගැසීම ඇසුනු ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ගොස් ඇති අතර එහිදී ළමුන් දෙදෙනා ළිඳට විසි කර ඇති බව දැක තිබෙනවා. පසුව ළමුන් දෙදෙනා ළිඳෙන් ගොඩගෙන ඔවුන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

ඒ අනුව එම ස්ථානයට ගිය පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දරුවන්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දරුවන් දෙදෙනාගේ මව මීට වසර කිහිපයකට පෙර මියගොස් ඇති අතර මව නොමැතිව ජීවත්ව තිබෙන බවද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top