,
Daily

අප්‍රේල් 15 දින සවස 4.30 තෙක් නව ආසාදිතයින් වාර්තා වී නෑ – පරීක්ෂණත් වැඩි කරලා

අප්‍රේල් 15 පස්වරු 4.30 වන තෙක් ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ්-19 වෛරස් ආසාදිතයෙකු හමුවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

අප්‍රේල් 15 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියාසිටියාය. මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත වෛරසය ආසාදිතයන් ගණන 233ක් ලෙස වාර්තා වන අතර ඉන් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රමාණය 163ක් වේ. පුද්ගලයන් 63 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර 7 දෙනෙකු මරණයට පත්වී තිබේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණයක් මේ වන විට සැළකිය යුතු මට්ටමකින් වැඩි කර ඇති බවයි. එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල සිටින සියළු දෙනාද පරීක්ෂණවලට භාජනය කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top