(RIVIRA Online, 2020 මැයි 24 පස්වරු 08.19ට)
දුරස්ථභාවය ගරු කරමින් ඉස්ලාම් බැතිමතුන් රාමසාන් සමරන ආකාරය වාර්තා කිරීමට බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයට ගොස් ඇති ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට එම ප්‍රදේශයේ පිරිසක් විසින් තර්ජනය කර ඔහුගේ මෝටර් රථයටද අලාභ හානි සිදුකර ඇතැයි “අද දෙරණ” මැයි 24 දින වාර්තා කර තිබෙනවා..
බණ්ඩාරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එහි සඳහන්.
“අද දෙරණ” පවසන පරිදි අටුළුගම මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපතිවරයාගෙන් රාමසාන් උදාවත් සමග ඉස්ලාම් භක්තිකයින් පල්ලියට නොපැමිණ නිවසේ සිට සැමරූ ආකාරය පිළිබඳ මාරාව මුස්ලිම් දේවස්ථානය අසළ දී ප්‍රකාශයක් ලබා ගැනීමට “අද දෙරණ” ප්‍රාදේශීය මාධ්‍යෙව්දි බිමල් ශ්‍යාමන් එහි ගොස් ඇත.
අනතුරුව මාධ්‍යවේදියා අටුළුගම පුංචි පල්ලියේ දර්ශන ලබාගෙන පිටත්ව යන විට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ මඟ අවහිර කර ඇති අතර ඉන් පසු එහි රැස්වූ පිරිසක් ඔහුට ඉන් පිටව යෑමට ඉඩ නොදී බාධා කර තිබුණා. කෙසේ වෙතත් තවත් පිරිසක් ඔහු එතැනින් පිටවීමට සහය ලබා දී ඇති බවද “අද දෙරණ” කියා සිටී.
සිද්ධිය අතරතුර එහි පැමිණි අටුළුගම මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපති නජීඩ් හජ්ජියාර් මොහොමඩ් නජීඩ් ඇතුළු පිරිසකගේ මැදිහත්වීම මත ප්‍රාදේශීය වාර්තාකරුට එම ස්ථානයෙන් ඉවත් වීමට අවස්ථාව උදා වී තිබෙනවා.
