(RIVIRA Online, 2020 මැයි 26 පස්වරු 12.13ට)
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩකයෙකු හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටිනවා.
අදාළ ක්‍රීඩකයා 25 හැවිරිදි ෂෙහාන් මධුසංක වන අතර ඔහුව පන්නල පොලිසිය විසින් මැයි 23 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ක්‍රීඩකයා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 700 තිබූ බවට සැක පිට මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකාර ෂෙහාන් මධුසංක 2018 වසරේ දි බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ මංගල එක්දින තරඟයට එක් වෙමින් කඩුළු ත්‍රිත්වයක් (හැට්ට්‍රික්) ලබාගෙන තිබෙනවා.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණය
කෙසේ වෙතත් සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව ෂෙහාන් මධුසංකගේ වාර්ෂික ක්‍රිකට් ගිවිසුම අත්හිටුවීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායන නිලධාරී ඈෂ්ලි ද සිල්වා සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගත වූ පළමු අවස්ථාව මෙය බව ද ඔහු සඳහන් කළා.
ෂෙහන් මධුසංඛගේ වාර්ෂික ක්‍රිකට් කොන්තාත්තුව ඩොලර් 5000ක් බවද වාර්තා වෙනවා. ඔහු ලොව මංගල ක්‍රිකට් තරඟයේ දීම කඩුළු ත්‍රිත්වයක් දවා ගත් සිව්වැනියා ලෙස වාර්තා අතර සඳහන් වෙනවා.
ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහගේ නිර්දේශයක් මත ඔහු ජාතික කණ්ඩායමට ඇතුළත් වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
