,
Daily

ගලගොඩ හිමිගේ ජීවිතය අනතුරේ, සාක්ෂි ලබාදීම මවුලවී හොරෙන් පටිගත කරලා

(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 10 පෙරවරු 09.24ට)

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සැප්තැම්බර් 09 වැනි දිනත් සාක්ෂි ලබා දීම සිදුකළා.

එහිදී උන්වහන්සේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේ දී සැක කටයුතු ලෙස හැසිරුණු මුස්ලිම් ජාතිකයෙකු පිළිබඳ පොලිස් ඒකකයේ අවධානය යොමුව ඇති අතර අතර වහාම ඔහුව එම ස්ථානයෙන් පිටතට ගෙන පරික්ෂා කර තිබෙනවා. එහිදී හඳුනාගෙන ඇත්තේ අදාළ මුස්ලිම් ජාතිකයා ඥානසාර හිමියන්ගේ සාක්ෂි ලබා දීම අනවසරයෙන් පටිගතකරමින් සිටි බවයි. එසේම එම පුද්ගලයා සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ ලේකම්වරයකු වන මව්ලවීවරයෙකු බව ද අනාවරණය වී තිබෙනවා.

මෙම ජනාධිපති කොමිසම ශ්‍රී ලංකාවේ සිදුවූ මිලේච්ඡතම ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමක් බැවින් එය දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ක්‍රියාත්මක වෙයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කෙරෙන මෙම කොමිසමට බාහිර පුද්ගලයන්ට දුරකථන රැගෙන යාම සපුරා තහනම් කර ඇති අතර අදාළ පුද්ගලයා සංවිධානාත්මක ලෙස කටයුතු කරමින් උපක්‍රමිකව දුරකථනය රැගෙන ගොස් ඇත්තේ එම කොමිසම ඉදිරියේ පෙනී සිටීමට පැමිණි නීතිඥවරයෙකු මාර්ගයෙන් බව ද කොමිසමේ පොලිස් එකකය අනාවරණය කර ගෙන තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට පෙර ලබා දී තිබූ සාක්ෂිවලට අදාළව හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදෙන ලෙස සමස්ත ලංකා ජමියිතුල් උලමා සංවිධානය ඇතුළු මුස්ලිම් සංවිධාන 10ක් ජනාධිපති කොමිසමෙන් කර තිබූ ඉල්ලීමකට අනුව සැප්තැම්බර් 09 දින පස්වරු කාලය ඒ සඳහා ලබා දී තිබුණා.

එම නීති විරෝධී පටිගත කිරීම සිදුකළ පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණය වී ඇත්තේ එම තැනැත්තා අද දින කොමිසම සභාව තුළ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සාක්ෂි ලබා දීම සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන ඇති බවයි.

පසුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට පොලිස් ඒකකයේ නිලධාරීන් කටයුතු කළ අතර ජනාධිපති කොමිසමේ සභාපතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය නියෝජනය කළ නීතිඥවරුන්ට සිය බලවත් අප්‍රසාදය පළ කරමින් පොලිස් ඒකකය නියෝග කර සිටියේ පටිගත කිරීම සිදුකළ පුද්ගලයාගෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්නා ලෙසයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම හරහා ඥානසාර හිමියන්ගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසයි. මීට පෙර දිනයන්වල දී ද අදාළ තැනැත්තා සහ එම තැනැත්තා නියෝජනය කරන සංවිධානයේ තැනැත්තන් ඥානසාර හිමියන් සාක්ෂි ලබාදෙන අවස්ථාවලට පැමිණ ඇති බව ද අනාවරණය වී තිබෙන අතර එම අවස්ථාවල දී ද මෙලෙස පටිගත කර ඇත්දැයි යන්න අනාවරණය වී නැත.

මේ අතර ඥානසාර හිමියන් “සිරස නිවුස්ලයින්” වැඩසටහනකට සහභාගී වී සඳහන් කළේ තමන් වහන්සේව දුටු තැන ඝාතනය කිරීමට අයි.එස් සංවිධානයෙන් නියෝගයක් ද නිකුත් කර ඇති බවයි. ඒ අනුව මෙම පටිගත කිරීම්වල අරමුණ සම්බන්ධයෙන් විධිමත් පොලිස් පරීක්ෂණයක් සිදුවීම අත්‍යවශ්‍ය බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙයි. එසේම තහනම නොතකා මෙලෙස කොමිසම තුළට දුරකතනය රැගෙන යාම සහ වීඩියෝගත කිරීම අධිකරණයට සිදුකළ අපහාසයක් සේ සළකා කටයුතු කළ යුතු බව ද විශ්ලේෂකයින්ගේ අදහසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top